Single line blockquote:
ශ්රී ලංකා ජනරජය විසින් බලශක්ති අර්බුදයට විසදුමක් ලෙස ඉදිරිපත් කරන ලද නව යෝජනාවක් වශයෙන් ක්රියාත්මක වන සුර්ය බල සංග්රාමය ශ්රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රයේ නව මුහුණුවරක්ග න්නා පෙරලියක් බවට පත්වී ඇත.වසර 2050 වන විට දිවයිනේ සමස්ත බලශක්ති නිෂ්පාදනය පුනර්ජනනීය බලශක්තිය හරහා ලබා ගැනීමට කටයුතු සම්පාදනය කරමින් පවතී.ගෘහස්ත, කාර්යාලීය හෝ කර්මාන්ත ක්ෂේත්රයන් ආවරණය වන පරිදි සකසා ඇති මෙම ව්යාපෘතිය මගින් බලශක්ති නිෂ්පාදනය පමණක් නොව එමගින් ස්ථීර මාසික ආදායමක්ද ලබා ගත හැකි ආකාරයේ වැඩපිළිවෙලක් දියත් කොට ඇත.සෙවන සඳහා පමණක් මෙතෙක් ඔබ විසින් භාවිතා කරන ලද ඔබගේ නිවසේ හෝ ව්යාපාරික ස්ථානයේ වහලය භාවිතා කරමින් සුර්ය පැනල සවි කොට එමගින් නිෂ්පාදනය වන විද්යුතය ඔබගේ නිවසේ සහ ව්යාපාරික ස්ථානයේ විදුලි අවශ්යතාවය සපුරා ගැනීමට පමණක් නොව මෙම විද්යුතය ජාතික විදුලි පද්ධතියට ලබා දීමෙන් මාසික ආදායමක්ද ලබා ගත හැක.වසර 20ක ගිවිසුම් කාලයක් යටතේ ක්රියාත්මක වන මෙම වැඩසටහන තුලින් නිවාස 1,000,000ක සූර්ය බලාගාර පිහිටුවමින් රට බල ශක්තියෙන් ස්වයංපෝෂිත කිරීම අරමුණු කොට ඇති අතර මෙම සූර්ය බලාගාර 1,000,000 අතරින් 20%ක් වත් අඩු අදායම් ලාභී පවුල් වලට ලබා දීම තුලින් අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 02ක් නව ක්රමය යටතේ විදුලි නිෂ්පාදකයන් බවට පත් කිරීමට බලාපොරොත්තු වේ. “සූර්ය බල සංග්රාමය” වැඩ සටහන තුලින් හෙට දිනයේ ඔබේ නිවසත් සූර්ය බලාගාරයක් බවට පත් කර බලශක්ති නිෂ්පාදකයෙක් වී අමතර අදායමක් නිපදවීමට ද දැන් ඔබට අවස්ථාව උදා වී ඇත.සුර්ය බල සංග්රාමයේ ප්රධාන අංශ 3ක් ඇත.ශුද්ධ මණුකරන ක්රමය (Net Metering)වහල මත සවිකරන සූර්ය පැනල මඟින් ජනනය කරන විදුලිය ඒකක ගණන, පරිභෝජනය කරන විදුලි ඒකක ගණනට වඩා අඩුනම් එම වෙනසට පමණක් මණ්ඩලයට මුදල් ගෙවීම. ජනනය කරන ඒකක ප්රමාණයේ අතිරික්තයක් ඇත්නම් වසර 10ක් දක්වා හිඟ අවස්ථාවන්වලදී හිලව් කිරීමට එම ශේෂය ඉදිරියට පවත්වාගෙන යාමට හැකි වීම.ශුද්ධ ගිණුම්කරණ (Net Accounting)තම වහල මත සවිකරන සූර්ය පැනල මඟින් ජනනය කරන විදුලි ඒකක ගණන නිවාස හිමියා විසින් පාවිච්චි කරන ලද විදුලි ඒකක ගණනට වඩා වැඩි නම් මණ්ඩලය මඟින් නිවාස හිමියාට ගෙවීමක් කරයි. නිවසේ ජනනය කළ විදුලි ප්රමාණය අඩු නම් ගෙහිමියා මණ්ඩලයට ගෙවීමක් සිදුකිරීමේ ක්රමය.01 වන වසරේ සිට 07 වන වසර දක්වා ඒකකයට රුපියල් 22.0007 වන වසරේ සිට 20 වන වසර දක්වා ඒකකයට රුපියල් 15.50නෙට් ප්ලස් ක්රමය (Net Plus)තම වහල මත සූර්ය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කරන නිවාස හිමියන් නිෂ්පාදනය කරන විදුලි ඒකක ගණනට මණ්ඩලය මගින් නිවාස හිමියාට ගෙවීම් සිදුකරනු ලබයි නිවසේ බිල්පත ගෙහිමියා මණ්ඩලයට ගෙවයි01 වන වසරේ සිට 07 වන වසර දක්වා ඒකකයට රුපියල් 22.0007 වන වසරේ සිට 20 වන වසර දක්වා ඒකකයට රුපියල් 15.50ඔබට ලැබෙන ප්රතිලාභ>ඔබ තෝරාගන්නා ක්රමය අනුව විදුලි බිල සඳහා වැය වන මුදල සම්පුර්ණයෙන් උපයා ගත හැකි වීම.>වසර 7 දක්වා නැවත ගෙවීමේ පදනම මත ක්රියාත්මකවන රාජ්ය සහ පුද්ගලික අංශයේ වාණිජ බැංකු රැසකින්ම සූර්ය පැනල මිලදී ගැනීම සඳහා ලැබෙන ණය සහන.>සූර්ය පැනල මිලදී ගැනීමට ඔබ ණය මුදලක් ලබාගත්තේ නම් ඔබ ලබන අදායමෙන් සූර්ය පැනල මිල දී ගැනීමට ගිය ණය මුදල සහ පොලිය ගෙවීමට හැකි වීම.>ඔබ අතිරික්තව නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා මුල් වසර 07ක කාලය තුළ ඒකකයකට රු.22.00/= ක් 08 වන වසරේ සිට රු.15.50/= ක ආදායමක් ලැබීම.රටට ලැබෙන ප්රතිලාභ>සූර්ය බලය නොමිලේ ලැබෙන බලශක්ති ප්රභවයක් බැවින්, බලශක්තිය සඳහා (ඉන්ධන සහ ගල් අඟුරු) දැනට වැය කරන විදේශ විනිමය ප්රමාණය අඩු කර ගත හැක.>පරිසර හානිය අවම කරගත හැකිවීම සහ තාප බලාගාරවලින් විදුලි ජනනය හේතුවෙන් වායු ගෝලයට මුදා හැරෙන කාර්බන්ඩයොක්සයිඩ් (CO2) ප්රමාණය වසරකට මෙ.ටො. 150,000ක් පමණ අඩු කර ගත හැකි වේ.>විදුලි පද්ධතියේ සමතුලිතතාවය රැකගැනීමට පහසු වේ.>විදුලි බලය සම්ප්රේෂණ හා බෙදා හැරීමේ හානිය අවම වේ.>දැනට මහාපරිමාණ ව්යාපාරිකයන්ට පමණක් සීමා වී ඇති විදුලි නිෂ්පාදනය සඳහා සමස්ත ජනතාවට සම්බන්ධ වීමට හැකිවීම.>රට පුරා විසිරුණු කුඩා පරිමාණ විදුලි නිෂ්පාදනාගාර පද්ධතියක් තිබෙන බැවින් එය ජාතික විදුලි සුරක්ෂිතතාවයටද ධනාත්මකව බලපානු ඇත.>පාරිභෝගිකයින් විශාල ප්රමාණයක් විදුලි නිෂ්පාදිකයින් වන බැවින් විදුලි ජනනයෙන් ලැබෙන ආදායම තුළ රටේ ආදායම් බෙදීයාමේ විෂමතාවය අඩු වනු ඇත.>2025 වන විට ජාතික විදුලි බල පද්ධතියට මෙ.වො. 1000ක් එක්කර ගත හැකි වීම.>මෙම ක්ෂේත්රයේ ඇතිවන පිබිදීම තුළ සෘජුව හා වක්රව නව රැකියා අවස්ථා විශාල සංඛ්යාවක් නිර්මාණය වීම.විදුලි බිල 0 කරගෙන අමතර ආදායමක් උපයන්න ඔබත් අදම අප හා සම්බන්ධ වන්න.අමතන්න,070 264 9833 (Chirath)071 109 8646 (Malindu)Royal Ray International (Pvt) Ltd.—————– Empowering Future Energy ——————–


